chernozem (සරු පස )
:යාලුවේ, ඔහේ කවදාහරි කල්පනා කරලා තියනවද මීට වඩා සරු පසක් තියන පළාතකට යන්න? :ඇයි මම මේ පොලොව අතැරලා වෙන පළාතකට යන්නේ? එහෙ ගියාම මීට වැඩිය මොනවද මට ලැබෙන්නේ? : ඉතින් අඩුගානේ හොඳින් කාල බීල වත් ඉන්න පුළුවන්නේ. : කාලා බීලා ඉන්න නම් මෙහෙත් පුළුවන්නේ? : මෙහෙ වගේද එහෙ අප්පා ඒ උනාට. කිසි කරදරයක් නෑනේ. :දැන් මෙතන ඉන්නකොට මොකක්ද අපිට තියන කරදරේ. දිරන දෙයක් කෑවා ඒක පස් කරලා දැම්මා. වෙන තැනකට ගියා කියල ඔහේ ට වෙන රාජකාරියක් කරන්න ලැබෙනවද :එහෙ ගියොත් එහෙම මහන්සියක් නැහැ. පොලොව කොහොමත් සරුයි. :ආන්න මිත්රයා ඔහේට වැරදුනේ අන්න එතන. නිකමට වත් හිතුවද ඒ පොලොව සරු වෙන්නයි මේ පොලොව නිස්සාර වෙන්නයි හේතුව මොකක්ද කියල. වෙන කෙනෙක් තැනක් සරු කරනකම් ඉඳල එතනට ගිහින්ම තමන්ගේ වැඩේ කරනවා කියල හිතන ඔහේ වගේ පනුවෝ නිසාම තමයි ඔය වෙනස ඇති වෙන්න මුල්ම හේතුව. දැන් ඔය කියන පළාතේ ඉන්න පනුවොත් ඔහේ වගේ නිකම්ම ඉදන් වඩා හොඳ තැනකට යන්න හීන බලාගෙන හිටියනම් ඔය සරුයි කියන පසත්, මෙහෙ වගේම තමයි. ඊට නරකද මේ ඉන්න පොළොවේම පස සරු කරන විදියක් ගැන හිතුවා නම්? එහෙම උනොත් ඒක උදව්වක් වෙන්නේ ඔහේ එක්කම හැදුනු...
Comments
Post a Comment