Testudinate ( ඉබි කට්ට )
ඔන්න බොහොම ඉස්සර කාලේ පොඩි බිත්තරයක කටුව කඩාගෙන පුංචි ඉබි පැටියෙක් මේ ලෝකෙට ආවා. පුංචි කාලේ ඉඳන්ම මේ ඉබි පැටියා වැඩිපුර ආස කලේ එයාගේ කටුව ඇතුලට වෙලා ගුලි වෙලා ඉන්න. එහෙම ඉන්න කොට අපේ පුංචි ඉබි පටියට හරි ලස්සන සිතුවිලි එනවා. එයා කටුව ඇතුලට වෙලා ලෝකය ලස්සන තැනක් කරන්න උදව් වෙන්නේ කොහොමද, ඉගොල්ලෝ ජීවත් වෙන පුංචි ඇළට වඩා ලොකු ගංගා ඉවුරකට යන්නේ කොහොමද වගේ ලස්සන දේවල් එයාට කල්පනාවට එනවා. ඉබි කටුව ඇතුලේ ඉන්නකොට පැන්චා ඉන්නේ හරිම සතුටෙන්.
හැබැයි ඉබි අම්මට නම් ඉබි නිතරම කිව්වේ, "ළමයෝ, ඔය කට්ට ඇතුලටම වැදීගෙන ඉන්නේ නැතුව ටිකක් එලියට ඔලුව දාල යාළුවො එක්ක සෙල්ලමක් වත් කරන්න," කියල.
ඒත් ඉබි පැන්චා ට නම් ඒකට එච්චර කැමැත්තක් තිබුනේ නැහැ. අනික් ඉබි පැටවූ එක්ක සෙල්ලම් කරන්න ගියාම හරිම කරදරයි. එක්කෝ කිරි ඉබි පැටියා ගල් ඉබි පැටියා එක්ක රණ්ඩු. එක්කෝ තාරකා ඉබ්බි එයාගේ කටුව ගැන පුරසාරම් කියනවා. ඊළඟට වැටකෙයි ඉබ්බා. එයාගේ ප්‍රශ්නේ ගැන නම් කියන්නත් බැහැ. ඒවා කොහොම උනත් ඉබි පැන්චාට අල්ලුවේම නැත්තේ එය මොනව හරි කිව්වම කට්ටියම අර ඉබි මාමෙක් එක්ක දුවල පැරදුනු හාවා දිහා බලනවා වගේ. මේ හින්ද කටුවට වෙලා අනාගතේ තමන් ඉබි රාල කෙනෙක් උනාම කරන දේ ගැන කල්පනා කර කර ඉන්න එක තමයි හොඳ කියල එයා තීරණය කරලයි තිබ්බේ.
ඔහොම ටිකෙන් ටික කාලය ගත වුණා. ඉබි පැන්චා දැන් ඉබි තරුණයෙක්. එයා හිතුව දැන් තමයි කටුවෙන් එළියේ ලෝකය දැක බලාගන්න හොඳම කාලය කියල. ඉතින් අපේ ඉබි ඉලන්දාරියා හිමින් හිමින් හිමින් එයාගේ සංචාරය පටන් ගත්තා. එයා කටුව ඇතුලේ ඉන්නකොට හීන දැකල තිබුණේ එයා කවදාහරි ජෝනතන්ව හම්බුවෙන්න ඕනේ කියල. ආ.. ජොනතන් කියන්නේ ලෝකේ වයස්ගතම ඉබ්බා. අපේ ඉබි ඉලන්දාරියා විශ්වාස කළා ජොනතන් තමයි ලෝකේ ප්‍රඥාවන්තම ඉබ්බා කියල. මොකද එයා ඩබල් චෙන්චරියක් විතර කල් ජීවත් වෙලා තියනවා. ඉලන්දාරි වයසට එනකොට නම් අපේ ඉබ්බාට වැඩියමත් දැනගන්න ඕනේ වුනේ අවුරුදු 150 පනින්න ඔන්න මෙන්න තියල එයා තව කෙල්ලක් යාලු කරගත්තේ කොහොමද කියල. පරණ පෙම්වතියො ඉඳල හිටලවත් මතක් වෙන්නේ නැද්ද කියල අහනවා කියල හිතාගත්තේ ජොනතන් ටිකක් යාලු මිත්‍ර කම් පෑවොත් තමයි.
ඔහොම අවුරුදු ගානක් ඇවිදලා පීනලා අන්තිමේදී අපේ ඉබ්බා ඉලන්දාරියා ජෝනතන්ව හොයාගත්ත. හිතාගන්න පුළුවන්නේ කොච්චර කාලයක් ගත වෙන්න ඇත්ද කියල. ඉබ්බෙක්ට උපරිම වේගෙන් ගියොත් මිනිත්තුවට කිලෝමීටර් දෙකකට වඩා ටිකක් දුර යත හැකි. අපි ඉන්න තැන ඉඳල ජොනතන් ඉන්න තැනට කිලෝමීටර් බර ගානක් වෙනවා, අනික ඔහොම ගමනක් යද්දී උපරිම වේගෙන් යන්නේ නැනේ. මග තොට ලස්සන බලල, මහන්සි නිවාගෙන එහෙමනේ යන්නේ.
කොහොමහරි අන්තිමේදී අපේ කෙනාට ජොනතන්ව මුණ ගැහුණා. එයාගේ නෝනා නම් ජෝනතන්ගේ පරණ කතා ඇදල ගන්නවට වැඩි කැමැත්තක් නැති නිසාද කොහෙද, ජොනතන්ට පණිවිඩේ කියන්න ගියේ ඕනෙවටත් වඩා හිමින්. වයසක ජෝනිත් ආවේ ගාට ගාට. අපේ කෙනත් දැන් ටිකක් වයසින් මෝරලා නිසා ඒ ටික වෙලාවත් ඉවසන් ඉන්න එක එයාට අමාරු වැඩක් උනේ නැහැ. අවසානේ ඉතින් ඔන්න ජෝනතන්ගෙන් ප්‍රශ්න අහන්න හරි කාලය ආවා.
මදැයි මේ වයසක උන්දැගේ දැන් මතකය එච්චාර හොඳ නැහැ. දින වකවානු නම් ගම් ඔක්කොම අමතකයි. අපේ ඉබි තුමාට දැන් නම් තමන් එක්කම කේන්තියි. "මන් වගේ මෝඩ මුසල ගල් ඉබ්බෙක්. මෙච්චර වයසක ඉබ්බෙක්ගෙන් මොන ලබ්බක් දැනගන්න ද මෙච්චර දුරක් ආවේ.."
ඇත්තනේ!
එහෙනම් මන් ගිහින් එන්න සර්. අපොයි ඉබ්බෙක් ගිය දුරක් කියල අපේ ඉබි රාල අපහු එන්න හැරුන.
"පුතේ," යන්න හදන ඉබි රාළට ජොනතන් කතා කළා.
"කොහේ ගියත් ඔයාගේ ඔය කටුව අමතක කරන්න එපා. මොනවා මතක නැති උනත් මට
Comments
Post a Comment