Azure (දීප්තිමත් නිල් පාට )

වැහි බිඳුද වලාකුළු - ඉර හඳ ද තාරකා 

අහස් යන්තර සරුංගල් අතර 

පියඹන පොඩි කුරුල්ලන් 

පාර කූරෙන් වැඩ දමා 

කුරුටු බලි ගෑවා මතකයි 

අහස අඳිනවා ද - ගුරුතුමී ඇසුවාම 

 


මේ සුවිසල් නිල් අහස කෙලවර 

කුමක් ඇත්දැයි නිතර සිහිවිය 

දුටු දා පටන් 

වලාකුළු නැති කුරුල්ලන් නැති තනි පාට නිල අහස. 


ඒ නිල් තිරෙන් පිටුපස 

ඇත්තේ තාරකා විය යුතුය 

රාත්‍රිය පුරා දිලිසී 

දහවල  ගිමන් හරින 


සමහරක් විට 

ඒ නිල අහස පිටුපස 

ඇත්තේ දෙව්ලොවය 

මෙහි සිට ගිමන් හරින්නට 

ගිය පිරිස රැස්වුණ 


ඒත් ගුරුතුමී කියා දුන්නා 

මේ අහස යයි කියන්නේ 

මහා පොළොවේ මායිමෙන් පිට 

තියන සියලුම වස්තු බව.

පාවී පාවී තිබෙන හිස් අවකාශයක  


තාරකා තිබුනාට 

නැතිලු කිසිවෙක් අප අතැර ගිය 

විමසමින් මහා පොළොවේ විස්තර 

ඒ පේන නිල්  තිරෙන් පිටුපස

 

Comments

Popular posts from this blog

Wampum

Exclave (පිරිවර මැද තනිව)

Lodestone (කාන්දම් ගල්)