Camion (බැරි බර අඳින්නී )

සිනහව ඔබ අපුරු රැවටිලි කරුවෙකි 
දැන නොසිටිය හැටි හරි පුදුමයි 
ඇගේ කරමත ඇති දුක් පිරි බර පොදි 
සැඟවූ යේ නම් ඔබම තමයි 

එක පිට එක එන අවාසනාවට 
සිනහවෙන්ම කරුණා කරලා 
ඉවසන හැටි නම් මට හරි පුදුමයි 
දුක සැප දෙක එක ලෙස සලකා 

හදවත ඈගේ මොන බර දරුවත් 
සිනහව ඇත දෙතොලඟ රැඳිලා 
ඒ හැටි බර මගේ කරමත වී නම් 
මා නම් ඉඳීවි ගල් ගැහිලා 


Comments

Popular posts from this blog

Wampum

Exclave (පිරිවර මැද තනිව)

Lodestone (කාන්දම් ගල්)