Cathartic (භාව විරේක)

 අපි ජීවත් වෙනවා කියල දැනගන්නේ කොහොමද? අපිට සිතුවිලි තියන නිසා ද, හුස්ම වැටෙන නිසා ද, හැඟීම් දැනීම් තියෙන නිසා ද? 

මේ ඔක්කොම හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. කොහොම වුනත් අපිට නිතර සිතුවිලි තියෙන නිසා, හැඟීම් දැනීම් තියන නිසා අපි හිතනවා අපි ජීවත් වෙනවා කියල.  


ඒ කියන්නේ  අපේ සිතුවිලි/ හැඟීම් සහ ජිවත් වෙනවා කියල දැනෙන එක අතර ලොකු සම්බන්ධතාවයක් තියනවා. ජීවත් වෙනකම් අපිට සිතුවිලි එයි. දුක සතුට වේදනාව වගේ දේවල් දැනෙයි. 


මේ විදියට මුළු ජීවිතේම අපේ හැඟීම් එක්ක බද්ධ වෙලා තිබුන වුනාට අපිට අපේ නිදහසේ අපේ හැඟීම් පිටතට පෙන්නන්න පුළුවන් කමක් තියනවද? ඔහේ හිතට එන දෙයක් ෆිල්ටර් කරන්නේ නැතුව කියල දාන්න පුලුවන්ද?


එහෙම පුළුවන් නම් මම හිතන්නේ මනුස්සයෙක් විදියට එක කෙනෙක්ට ලැබෙන්න පුළුවන් ඉහලම වරප්‍රසාදයක් කියල. මොකද අපි අතරේ ගොඩක් දෙනෙක්ට එහෙම නිදහසේ අපේ හැඟීම් ප්‍රකාශ කරන්න බැහැ. අපි අපිටම දාගත්තු බාධක (මට හිතෙන දේ කිව්වොත් මේගොල්ලෝ මොනවා හිතයි ද?, මේ වෙලාවේ මම ඇඬුවොත් මං මහා පාන්කඩයක් කියල මේගොල්ලෝ හිතයි ද වගේ)  නිසා, එහෙම නැත්තන් පුංචි කාලේ ඉදන් අපේ හැඟීම් ප්‍රකශ කරන එක වැඩිහිටි අය වලක්වපු නිසා,(ලජ්ජා නැද්ද ඔයාට අඬන්න, ඔහොම කේන්ති ගන්නේ නෑ පොඩි ළමයි),  එහෙමත් නැත්නම් කෙනෙක් හරියට හැඟීම් ප්‍රකාශ කරනවා දැකල නැති නිසා හරි, මේ වගේ වෙන මොකක් හරි හේතුවක් නිසා අපිට සමහර විටකදී අපේ හැඟීම් පිට කරගන්න බැරි වෙලා යනවා.


ඒක වෙලාවකට කොච්චර බරක් ද පිඩාවක් ද කියන එක අපි හැමෝම වගේ දන්නවා. හිතේ තියන දේ කියාගන්න අනන්තවත් බලාපොරොත්තු තිබුන වුනත් සමහර වෙලාවකට එකට හරි අවස්ථාව ලනෙන්නේ නැහැ. සමහර විට හරි පුද්ගලයාව හම්බ වෙන්නෙත් නැහැ. හරි පුද්ගලයයි අවස්ථාවයි දෙකම ලැබුනා වුනත් වෙලාවකට අපිට හිතේ හිරවෙලා තියන දේ කියාගන්න ධෛර්යය නැහැ. 


ඔහොම දේවල් හිතේ හිර කරගෙන්න ඉන්න ඉන්න අපේ හිතේ තියන පීඩනය එන්න එන්න වැඩිවෙනවා. පුපුරන්න ලං වෙච්ච බැලුම් බෝලයක් වගේ. පිටින් පොඩි කටුවක් ඇනුනත් මේ බැලුම දඩාස් ගාල පුපුරන්න පුළුවන්. සමහර විට ඇතුලෙන් එන පීඩනය දරන්න බැරුව ඉබේම පුපුරලා යන්නත් පුළුවන්.


ඒත් සමහර විටක අපිට කෙනෙක් හම්බ වෙන්න පුළුවන් අපේ බැලුම පිපිරෙන්න නියමිත බව අඳුනගෙන බැලුමේ කට ලිහල ඇතුලේ තෙරපෙන වායු පිටකරල දාන්න සලස්සවන...  




Comments

Popular posts from this blog

Wampum

Exclave (පිරිවර මැද තනිව)

Lodestone (කාන්දම් ගල්)