Exclave (පිරිවර මැද තනිව)
දෑස යොමා ගෙන මා වෙත
රූ සොබාව වස්තුව ගැන
මා වට කොට ඉන්නා උන්
අයිතිවාසිකම් කියනවා
ප්රයෝගයෙන් මා රවටා
ඔවුන් නමට ඇඳා ගෙන
මා උන් සතු කරගන්නට
බොහොම තරගයක් තියනවා
දුරින් ඉන්න ඔහුට වැඩිය
ලඟින් ඉන්න අපි නොවේද
ඔබට වැඩිය පිළිගැනීම
රැක ගන්නට වැඩි හැකිකම
අයිතිය ඔබගේ වුනාට
ඔබ නැත මට ලංවන්නේ
නැත ඔබ මා කැඳවන්නේ
සිත සංකා වැඩි වන්නේ
දුරින් ඉන්න ඔබට වැඩිය
ලඟින් ඉන්න උන් නොවේද
මා සුරකින්න සමත්
මගේ සිතත් විමසන්නේ
ලං නොවෙනා බව දැන දැන
විටක මසිත ඔබව පතයි; විටක අසල උන් සමගයි
ඒ නමුදු හිරු පවතින තුරු
මා වෙනුවෙන් මා පමණයි
(Exclave: a portion of territory of one state completely surrounded by territory of another or others, as viewed by the home territory.)
Comments
Post a Comment